Home උණුසුම් පුවත් අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගත් නඩු ගැන හොයන්නත් නීතියට ඉඩ

අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගත් නඩු ගැන හොයන්නත් නීතියට ඉඩ

අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගත් නඩු ගැන හොයන්නත් නීතියට ඉඩ

මේ මස 15 වනදා සිට නව දුෂණ විරෝධි පනත ක්‍රියාත්මක කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා අදාළ ගැසට් පත්‍රය ද ඉදිරියේ දී පළ කිරීමට නියමිත බව ඔහු අවධාරණය කරයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැනට පවතින අල්ලස් නීතිය ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අංශයට හා දේශපාලඥයන්ට පමණක් බවත් නව පනත තුළින් පෞද්ගලික අංශයේ දූෂණ සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කිරීමේ හැකියාව පවතින බවත්ය.

එමෙන්ම දැනට පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව කිසියම් වැරදි තීරණයක් තීන්දුවක් ලබාදී හෝ විවිධ හේතුන් මත නඩු ඉල්ලා අස්කරගෙන තිබෙනවා නම්, ඒ පිළිබඳ සොයාබැලීමේ පුර්ණ බලය නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here