දෙවුන්දර තුඩුවෙන් පසුගිය 29 දා ඇරඹුණු “Ride with Pride” මිත්‍රත්වයේ පාපැදි සවාරිය ඊයේ (03) යාපනය පේදුරු තුඩුවෙන් අවසන් විය.
උතුර දකුණ මිත්‍රත්වයේ බැඳීම තවත් ශක්තිමක් කිරීම වෙනුවෙන් පැවැත් වූ මෙම පාපැදි සවාරියට මේජර් ජෙනරාල් සුමිත් බාලසූරිය (විශ්‍රාමික), මේජර් ජෙනරාල් සුමිත් ප්‍රේමලාල් ( විශ්‍රාමික) සහ කර්නල් ප්‍රදීප් පෙරේරා ( විශ්‍රාමික) සහභාගී වූහ.
මෙම පාපැදි සවාරිය කිලෝමීටර් 582ක දුරකින් සමන්විත විය.
දෙවුන්දරතුඩුවෙන් ආරම්භ වී අලුත්ගම, මීගමුව, පුත්තලම, මැදවච්චිය, කිලිනොච්චිය හරහා පැමිණ පේදුරුතුඩුවට ළඟා වූ මෙම පාපැදි සවාරියට ශ්‍රීලංකා යුද්ධ හමුදා පාපැදි සංගමයේ සාමාජිකයින් මෙන්ම යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගිය යුද විරුවන් රැසක්ද ප්‍රාදේශීය මට්ටමෙන් එක් එක් ගමනාන්ත වලදී පා පැදි සවාරියට සහභාගි වෙමින් ඔවුන්ව දිරිමත් කළහ.
යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් පිරිසක් මෙවැනි දීර්ඝ පාපැදි සවාරියක නිරත වූයේ පළමු වරටය. එසේම මෙවැනි පාපැදි සංවාරියකින් මිත්‍රත්වයේ පණිවිඩය දකුණේ සිට උතුරට රැගෙන ගියේ පළමුවරටය.
















