Home විදේශීය පුවත් බංග්ලාදේශ ප්‍රවාහන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීනය ඉදිකළ අධිවේගී මාර්ගය විවෘත කෙරේ

බංග්ලාදේශ ප්‍රවාහන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීනය ඉදිකළ අධිවේගී මාර්ගය විවෘත කෙරේ

බංග්ලාදේශ ප්‍රවාහන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීනය ඉදිකළ අධිවේගී මාර්ගය විවෘත කෙරේ

චීනය විසින් බංග්ලාදේශයේ ඩකා අගනුවර කණු මත ඉදිකරන ලද පළමු අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරේ. 3 වැනිදා සිට එහි ධාවන ක්‍රියාත්මක යි.

ඉකුත් 2 වැනි දා  අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්, අගමැතිනි ෂීක් හසීනා මහත්මිය කියාසිටියේ මෙම ව්‍යාපෘතිය “බංග්ලාදේශයේ නාගරික ප්‍රවාහන පද්ධතියේ නව සන්ධිස්ථානයක්” බව යි.

බංග්ලාදේශයේ ප්‍රධානතම යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් එකක් වන මෙය, ඩකා හි කණු මතින් ඉදි වූ පළමු අධිවේගී මාර්ගය ද වෙයි. කිලෝමීටර් 19.73 ක දිගින් යුතු  අධිවේගී මාර්ගය චීනයේ ශන්දොං අධිවේගී මාර්ග සමාගම, චීන බලශක්ති ඉදිකිරීම් සංස්ථාව සහ තායි සමාගමක ඒකාබද්ධ ආයෝජනයෙන් ඉදිකරනු ලැබීය.

මෙම අධිවේගී මාර්ගය ඩකා හි පදිංචිකරුවන්ට මෙන්ම රට පුරා සිටින ජනතාවට තිළිණයක් ලෙස ලබා දී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, අගනුවර සහ රටේ සෙසු ප්‍රදේශ අතර සන්නිවේදනය පුළුල් කිරීම සඳහා එමගින් විශාල කාර්යභාරයක් ඉටුකෙරෙන බව යි.
අධිවේගී මාර්ග ව්‍යාපෘතියට සම්බන්ධ වූ සියලුදෙනාට ඇය හෘදයංගම ස්තුතිය පුද කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here