Home උණුසුම් පුවත් වෙරළට ගොඩගැසූ කැස්බෑ මරණවලට හේතු හෙළිවෙයි

වෙරළට ගොඩගැසූ කැස්බෑ මරණවලට හේතු හෙළිවෙයි

වෙරළට ගොඩගැසූ කැස්බෑ මරණවලට හේතු හෙළිවෙයි

පසුගිය දිනවල බටහිර වෙරළතීරයට ගොඩගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූවූ පිපිරීමකින් බවට තොරතුරු අනාවරණ වෙමින් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ කැස්බෑ මළසිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණ වූ බවයි.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ද ඉදිරිපත් කර ඇත.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදාගැනීම නිසා සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් හටගන්නට ඇති බවයි.

එහිදී පසුගිය 22 වැනිදා සිට මේ දක්වා බටහිර වෙරළ තීරයට ගොඩ ගැසු මියගිය කැස්බෑවුන් සංඛ්‍යාව 25 කි.

තවත් කැස්බෑවුන් තිදෙනෙකුගේ පිටත ආවරණයට දැඩි හානි සිදුව ඇති අතර එම සත්ත්වයින්ට ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here