තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ණය පොලියට මහබැංකුවෙන් උපරිම සීමාවක්

    ණය පොලියට මහබැංකුවෙන් උපරිම සීමාවක්

    ශ්‍රී ලංකා මහ බැංකුව තෝරා ගත් ණය වර්ග සඳහා උපරිම පොලී අනුපාත තීරණය කර තිබේ.

    ඒ අනුව වාණිජ බැංකු මඟින් ලබා දෙන උකස් ණය සඳහා 18%ක උපරිම පොලී අනුපාතයක් ද ණය කාඩ්පත් සඳහා 28%ක උපරිම පොලී අනුපාතයක් ද කලින් ගිවිස ගත් ණය අයිරා සඳහා 23%ක පොලි අනුපාතයක්ද අයකර යුතු බව මහ බැංකුව සඳහන් කරයි.

    මීට අමතරව දඩ පොලී සඳහා අය කළ හැකි උපරිම පොලී පොලී අනුපාතය සියයට දෙකක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ඇතැම් ණය පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ඒවා අඩු කිරීම සඳහා උපරිම පොලී අනුපාත තීරණය කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img