තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පුරාම ඉන්න අවුරුදු 35 ට වැඩි අය ගැන විශේෂ දත්ත පද්ධතියක්

    රට පුරාම ඉන්න අවුරුදු 35 ට වැඩි අය ගැන විශේෂ දත්ත පද්ධතියක්

    ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 35 ට වැඩි පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂාවට ලක් කර ඔවුන්ගේ සෞඛ්‍ය තොරතුරු එක දත්ත පද්ධතියට එක්කර තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.

    දිවයිනේ රෝහල් 600 ක සුව දිරි සායනවලට පැමිණි රෝගීන් ගේ තොරතුරු එලෙස එකම දත්ත පද්ධතියක ගබඩා කර තිබෙන බවද ජයසුන්දර මහතා සඳහන් කළේය.

    විශේෂයෙන් බෝ නොවන රෝග පිළිබඳ එම රෝගීන්ගේ තොරතුරු එම දත්ත පද්ධතියට ඇතුලත්ව තිබෙන හෙයින් ඔවුන් දිවයිනේ ඕනෑම රෝහලකට ඕනෑම දිනක ඇතුළත් කළ පසුව ඔවුන්ගේ රෝග ඉතිහාසය වෛද්‍යවරුන්ට දත්ත පද්ධතියෙන් පහසුවෙන් දැනගත හැකි බවද ජයසුන්දර බණ්ඩාර මහතා කීය.

    මේ වසර අවසන් වන විට දිවයිනේ සියලුම රෝහල් එම ව්‍යාපෘතියට එක් කරන බවද ඔහු සඳහන් කළේය.

    ලෝක බැංකුවේ ආධාර ඇතිව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බවද ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img