Home උණුසුම් පුවත් විභාග කොමසාරිස්ගෙන් විශේෂ පණිවිඩයක්

විභාග කොමසාරිස්ගෙන් විශේෂ පණිවිඩයක්

විභාග කොමසාරිස්ගෙන් විශේෂ පණිවිඩයක්

විදේශ කටයුතු අමාත්‍යංශය සත්යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරනු ලබන විභාග සහතිකපත් මාර්ගගත ක්‍රමයට එම අමාත්‍යංශයට යවන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

2001 වසරෙන් පසුව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමය අදාළ වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

සහතික පත්‍රයේ දෘඩ පිටපත් වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශයට සත්‍යාපනය කරනු ලැබූ විභාග සහතිකපත්‍රයෙහි ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් ලිපිනයට ද යොමුකරන බවද ඔහු කීය.

විභාග දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් ලද අවස්ථාවේ සිටම මෙම ක්‍රියාවලිය පිළිබඳ කෙටි පණිවුඩ මගින් අයදුම්කරු දැනුවත් කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here