Home උණුසුම් පුවත් ඉන්දියාවෙන් එන බිත්තර ලබන සතියේ සුපරි වෙළෙඳසැලට එන හැටි

ඉන්දියාවෙන් එන බිත්තර ලබන සතියේ සුපරි වෙළෙඳසැලට එන හැටි

ඉන්දියාවෙන් එන බිත්තර ලබන සතියේ සුපරි වෙළෙඳසැලට එන හැටි

දෛනිකව ඉන්දියාවෙන් බිත්තර මිලියනයක් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

එම බිත්තර මිලියනය දෛනිකව ලංකා සතොස හරහා බිත්තර මිලියනයක් බෙදාහැරීමට කටයුතු කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන සියලුම බිත්තර පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම ලබන සතිය වන විට සියලුම සුපිරි වෙළෙඳසල් සඳහා ද ඇසුරුම් කරන ලද බිත්තර බෙදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ආසිරි වලිසුන්දර මහතා පවසයි.

සුපිරි වෙළෙඳසල්වල විකිණීමට ඇති ඇසුරුම් කරන ලද බිත්තරයක මිල රුපියල් 42ක් වන බව ද ඔහු ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here