Home උණුසුම් පුවත් පුහුණුව නැත්නම් පෙර පාසල් අරඹන්න අවසර නෑ

පුහුණුව නැත්නම් පෙර පාසල් අරඹන්න අවසර නෑ

පුහුණුව නැත්නම් පෙර පාසල් අරඹන්න අවසර නෑ

නිසි පුහුණුවක් නොමැති ගුරුවරුන්ට ඉදිරියේදී පෙර පාසල් ආරම්භ කිරීමට අවසර ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ප්‍රාථමික අධ්‍යාපනයේ අඩිතාලම වැටෙන පෙර පාසල් අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමත් අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා කියයි.

මේ වනවිට දිවයින පුරා විවිධ වර්ග යටතේ ක්‍රියාත්මක පෙර පාසල් සංඛ්‍යාව 19,000ක් පමණ වේ.

ඒවායෙහි සිටින පෙර පාසල් ගුරුවරුන් සංඛ්‍යාව 40,000 ක් පමණ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here