Home උණුසුම් පුවත් ආණ්ඩුවේ වැඩ ගැන සරසවි ආචාර්යවරුන්ගෙන් දොස්

ආණ්ඩුවේ වැඩ ගැන සරසවි ආචාර්යවරුන්ගෙන් දොස්

ආණ්ඩුවේ වැඩ ගැන සරසවි ආචාර්යවරුන්ගෙන් දොස්

අයිතිවාසිකම් කප්පාදු කර ජනතාව පීඩාවට පත් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි අප්‍රසාදය පළකරන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

ජනතාව සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව ආණ්ඩුව සිදු කරන ජනතා විරෝධී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ප්‍රධාන ලේකම් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා පැවසීය.

ජනතාවගේ විශ්‍රාම අරමුදල් පැහැදිලිව අනතුරට පත් කරන ආකාරයේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළක් ආණ්ඩුව සම්මත කර තිබෙන බවද සමරකෝන් මහතා කීවේය.

තවද ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ කාන්තාවන් තවත් අනාරක්ෂිත තත්ත්වයට පත් කරන ඒවා බව ද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අධ්‍යාපනය තවදුරටත් දුර්වල කිරීමට පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට සහනාධාර ලබාදීම හරහා ජනතා වියදම් ඉහළ දමන වැඩපිළිවෙළක් ආණ්ඩුව ඉදිරිපත් කර ඇතැයි ද සමරකෝන් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here