Home උණුසුම් පුවත් මහකන්නය වෙනුවෙන් යූරියා ප්‍රදානයක්

මහකන්නය වෙනුවෙන් යූරියා ප්‍රදානයක්

මහකන්නය වෙනුවෙන් යූරියා ප්‍රදානයක්

මෙරටට යූරියා මෙට්‍රික් ටොන් 8300ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය තීරණය කර තිබේ.

මහ කන්නයේ හෙක්ටෙයාරයකට අඩුවෙන් කුඹුරු වගාකරන ගොවීන් අතරේ එම යූරියා තොගය බෙදාහැරේ.

උතුරු හා නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට එම සහනය හිමිවන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවසීය.

මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ ජපාන රජයයි.

මේ වනවිට අවස්ථා කිහිපයකදී මෙරට ගොවීන්ට යූරියා මෙට්‍රික් ටොන් 15000 කට ආසන්න ප්‍රමාණයක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සම්බන්ධිකරණයෙන් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here