තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අස්වැසුම කවුළු විවෘත වෙයි

    අස්වැසුම කවුළු විවෘත වෙයි

    අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරිමට අද (28) සිට සියලු ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල විශේෂ කවුළු විවෘත කර ඇත.
    පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභින් සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා එක් ලක්ෂ තිස්දහසකට අධික ප්‍රමාණයක් ලැබි ඇති

    සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික කමල් පද්මසිරි මහතා පවසයි.

    මේ අතර අස්වැසුම සම්බන්ධයෙන් ලැබෙමින් ඇති සියලු අභියාචනා සහ විරෝධතා සමීක්ෂණයට විශේෂ කමිටු පත් කිරීමට තීරණය කර තිබේ.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ කමිටු ස්ථාපනයට නියමිතය.‍ෙ

    අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ලබා දීමට ලබන 10 වැනිදා දක්වා අවස්ථාව පවතියි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img