Home උණුසුම් පුවත් අස්වැසුමට නම් නැති අයට නම දෙන්න අවස්ථාවක්

අස්වැසුමට නම් නැති අයට නම දෙන්න අවස්ථාවක්

අස්වැසුමට නම් නැති අයට නම දෙන්න අවස්ථාවක්

අස්වැසුම සහනාධාර වැඩසටහනට ඇතුළත් නොවූ පවුල් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය ජූලි මස 10 දක්වා ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

“මෙමගින් පෙරටත් වඩා වැඩි ප්‍රමාණයක් සහනාධාර ලබා දීමට රජය අපේක්ෂා කරනවා .මෙම වැඩසටහනට ඇතුළත් නොවූ සහනාධාර ලැබිය යුතු පවුල් සිටි නම් එම අය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව ලබා දී තිබෙනවා. ඔවුන්ගේ අභියාචනා සමෘධි සංවර්ධන නිලධාරි වෙත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට හැකියාව පවතිනවා. අඩු ආදායම් ලාභීන් හා විවිධ රෝග වලට ගොදුරු වී ඇති ජනතාව කිසිවෙකුට මෙම සහනාධාර අහිමි කිරීමට අප ඉඩ තබන්නේ නැහැ.”

මේ මාසය තුළත් සමෘද්ධිලාභීන් සඳහා නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බව එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ ය.

අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූ පුද්ගලයින්ට ජූලි 10 වැනිදා දක්වා ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1924 ක්ෂණික ඇමතුම් අංකයෙන් හරහා ලබාගත හැකි වෙයි.
සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8 ත්, 5 ත් අතර එම අංකයට ඇමතුම් ලබාදිය හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here