තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුද්දක් තිස්සේ ත්‍රිපෝෂ දීම ඇණහිටලා

    අවුරුද්දක් තිස්සේ ත්‍රිපෝෂ දීම ඇණහිටලා

    වයස අවුරුදු 3ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලබා දීම වසරකට අධික කාලයක සිට ඇණහිට ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

    එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, මෙය දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති කරන්නක් බවයි.

    මන්දපෝෂණ තත්ත්වය මෑත කාලීනව ඉහළ යමින් ඇති පසුබිමක බලධාරීන් මේ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇය අවධාරණය කළාය.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ , බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ පවතින ගැටලුවක් හේතුවෙන් කුඩා ළමුන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ නොහැකි වී ඇති බවයි.

    එම ගැටලුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතිරයන්ට අනුකූලව විසඳා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img