Home උණුසුම් පුවත් ස්වර්ණමහල් තැන්පතුකරුවන්ට වන්දි මුදල්

ස්වර්ණමහල් තැන්පතුකරුවන්ට වන්දි මුදල්

ස්වර්ණමහල් තැන්පතුකරුවන්ට වන්දි මුදල්

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ආයතනයේ තැන්පතුකරුවන්ට මුදල් ගෙවීම ජුලි මස 12 වැනි දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

ස්වර්ණමහල් ආයතනයේ තැන්පතුකරුවකුට ශ්‍රී ලංකා රක්ෂණ තැන්පතු ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් ලක්ෂ 11ක් බැගින් වන්දි මුදලක් හිමි වන බවද මහබැංකුව සඳහන් කරයි.

සුදුසුකම් ලාභී තැන්පතුකරුවන්ට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් එම වන්දි මුදල් ලබාගත හැකිය.

ස්වර්ණමහල් තැන්පතුකරුවන්ට ස්වර්ණමහල් ආයතනය ද විටින් විට ඔවුන්ගේ තැන්පතු මුදලින් යම් කොටසක් ගෙවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here