Home උණුසුම් පුවත් මහබැංකුව අඩු කළාට වාණිජ බැංකු තවමත් ගිනි පොලියට

මහබැංකුව අඩු කළාට වාණිජ බැංකු තවමත් ගිනි පොලියට

මහබැංකුව අඩු කළාට වාණිජ බැංකු තවමත් ගිනි පොලියට

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහත දමා ඇතත් වාණිජ බැංකු තවමත් ඉහළ ණය පොලී අනුපාතයක් අය කරමින් සිටින බව වාර්තා වේ.

ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් 31 වැනි දින රැස්වී පොලී අනුපාත පහත දැමූ බවත් ඊට සමගාමීව වාණිජ බැංකු ද ණය පොලී අනුපාත පහත දමනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිවේදනය කළේය.

එහෙත් අද පස්වරුව වන විටත් මෙරට රාජ්‍ය බැංකු සහ ප්‍රධාන පෙලේ පුද්ගලික වාණිජ බැංකු ණය පොලී අනුපාත පහත දැමීමට පියවර ගෙන නැත.

එම බැංකු පෞද්ගලික හා නිවාස ණය සඳහා අයකරන පොලී අනුපාත 25%-32%ත් අතර ඉහළ අගයක පැවතීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here