මුල් පිටුව උණුසුම් පුවත් නිවසේ නිදා සිටි කතකට පොල් උලකින් ඇන මරා දමලා

නිවසේ නිදා සිටි කතකට පොල් උලකින් ඇන මරා දමලා

0

නිවසේ කාමරයේ නිදා සිටි කතකට පොල් උලකින් ඇන මරා දමා ඇතැයි කැකිරාව පොලීසිය කියයි.

මෙසේ ඝාතනයකර ඇත්තේ කැකිරාව සෙක්කුපිටියේ නිවසක ජීවත්වූ එස්.ඒ. ෆාතිමා රිස්කා නැමැති 35 වියැති කාන්තාවයි.

ඇය සිය සැමියා සහ දරුවන් සමඟ පදිංචිව සිටින්නේ මෙම නිවසේදීය. ඊයේ රාත්‍රී කාලයේ ඇය නිවසේ වෙනම කාමරයක නිදා සිට ඇති අතර සැමියා සහ දරුවන් නිදාගෙන සිට ඇත්තේ ඊට යාබද වෙනත් කාමරයකය.

පොලීසියට ඇගේ සැමියා පවසා ඇත්තේ රාත්‍රී කාලයේ නිවසට ඇතුළු වී ඇති අයෙක් සිය බිරිඳට පොල් උලෙන් ඇන මරා දමා ඇති බවය.

කැකිරාව පොලීසිය සඳහන් කරනු ලැබුවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version