Home උණුසුම් පුවත් රාජිතට -වඩිවෙල්ට ලෙඩක් වැටෙයි

රාජිතට -වඩිවෙල්ට ලෙඩක් වැටෙයි

රාජිතට -වඩිවෙල්ට ලෙඩක් වැටෙයි

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා වඩිවෙල් සුරේෂ් මහත්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් සතියක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙස අදාළ ලිපිය මගින් දැනුම් දී තිබේ.

අදාළ ඡන්ද විමසීම සිදුවන දින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවට නොපැමිණි අතර වඩිවෙල් සුරේෂ් මහතා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එහෙත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට තම පක්ෂය තීරණය කර තිබු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here