Home උණුසුම් පුවත් සිසුසැරිය බස් ගාස්තුවෙන් කොටසක් අයකරන්න සැරසෙයි

සිසුසැරිය බස් ගාස්තුවෙන් කොටසක් අයකරන්න සැරසෙයි

සිසුසැරිය බස් ගාස්තුවෙන් කොටසක් අයකරන්න සැරසෙයි

සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70%ක් රජයෙන් ලබා දීමටත් ඉතිරි 30%ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ රට තුළ පවතින මුල්‍යම අපහසුතා හේතුවෙන් සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි දෙමාපියන් සිටී නම් එනම් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අයකිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එලෙස 30% ක හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here