Home උණුසුම් පුවත් බිත්තර මිලියනයක් දවස ගානේ ගෙන්වන්න අවසර

බිත්තර මිලියනයක් දවස ගානේ ගෙන්වන්න අවසර

බිත්තර මිලියනයක් දවස ගානේ ගෙන්වන්න අවසර

ඉන්දියාවෙන් දෛනිකව බිත්තර මිලියනක් ආනයනයට අවසර ලබාදුන් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට බිත්තර අවශ්‍යතාව පිළිබඳ කරන ලද අධ්‍යනයකින් පසුව එම බිත්තර මෙරටට ගෙන ඒමට තීරණය කර ඇත.

එමෙන්ම සිල්ලර වෙළෙඳපොළට ආනයනික බිත්තර නිකුත් කරන්නැයි විශාල වශයෙන් මහජන ඉල්ලීම් ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

එහෙත් ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ‍ ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ නමුත් පෙර පරිදිම, ආනයනික බිත්තර, හෝටල් සහ බේකරි ඇතුළු බිත්තර ආශ්‍රිත කර්මාන්ත වෙත පමණක් නිකුත් කරන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here