Home උණුසුම් පුවත් ආගම්වලට අපහාස කරන්නන් සොයයි

ආගම්වලට අපහාස කරන්නන් සොයයි

ආගම්වලට අපහාස කරන්නන් සොයයි

සියලුම ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීමට එරෙහිව නව පනතක් ගෙනඒමට ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාපවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

පසුගියදා බුදුදහමට අපහස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමෙන් බවද විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා,

“මේ සිදුවීගෙන යන ක්‍රියාවන් සම්බන්ධව, මේවා වැළැක්වීමට පොලීසිය හා සම්බන්ධව අපි වැඩපිළිවෙළක් යොදාගෙන තිබෙනවා. මම දැක්කා කොහෙදී හෝ කියලා තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදාගෙන ඉන්නවා කියලා. නෑ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇහැරිලා පැය 24ම. ඒ නිසාම තමයි පැය ගණනක් ඇතුළත් මෙවැනි දේවල් අන්තර්ජාලයට මුදාහරින කොටම ඒ පිළිබඳව පියවර ගත්තේ” යැයිද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here