මුල් පිටුව උණුසුම් පුවත් කැම්පස් යන්න බැරිවෙන සිසුන්ට ආරංචියක්

කැම්පස් යන්න බැරිවෙන සිසුන්ට ආරංචියක්

0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සමත් වුවද රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමට අවස්ථාව නොලැබෙන සිසුන් සීමිත පිරිසකට පොලී රහිත ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් වූ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව එවැනි සිසුන් 5,000කට මෙම අවස්ථාව හිමිවේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන්ට අධ්‍යයන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 09 ක පොලී රහිත ණය මුදලක් හිමිවේ.

එමෙන්ම එදිනෙදා වියදම් කටයුතු සඳහාද රුපියල් ලක්ෂ 03 ක ණය මුදලක් හිමිවන බව වැඩබලන මුදල් අමාත්‍යවරයා පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version