මුල් පිටුව උණුසුම් පුවත් ඩෙංගු රක්තපාතය හැදුණු ළමුන් 10ක් රිජ්වේ රෝහලේ

ඩෙංගු රක්තපාතය හැදුණු ළමුන් 10ක් රිජ්වේ රෝහලේ

0

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය වැළදුණු ළමුන් 32 නෙකු ප්‍රතිකාර ලබන අතර ඉන් 10 දෙනෙකුට ඩෙංගු රක්තපාත තත්ත්වය පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පවසයි.

මේ වන විට දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසකම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින බව ද ඔහු පැවසීය.

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, නලින් ආරියරත්න මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන් විසින් එම කටයුතු සිදුකරනු ඇති බවයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version