මුල් පිටුව උණුසුම් පුවත් ඡන්ද හිමි නාමලේඛනය පිරවීම මේ වසරේදී වෙනස් වෙයි

ඡන්ද හිමි නාමලේඛනය පිරවීම මේ වසරේදී වෙනස් වෙයි

0

ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම සඳහා මේ වසරේ සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව ඡන්ද හිමි නාමලේඛනය සම්පූර්ණ කිරීම සඳහා මෙවර නිවෙස්වලට හිස් පෝරමයක් නොලැබෙන අතර ඉකුත් වසරේ ඡන්ද හිමි නාමලේඛනයේ පිටපතක් ලබාදී එය මේ වසර (2023) සඳහා ද නිවැරදි බව තහවුරු කරගන්නා බව ද රත්නායක මහතා කීය.

සිය නිවසේ වයස 18 සම්පූර්ණ වූ චන්දදායකයන් ගේ නම් හා ගණන ගෘහ මූලිකයා ඉදිරියේදී ග්‍රාම නිලධාරිවරයා එම පෝරමයට අත්සන යෙදිය යුතු බවද ඔහු පැවසීය.

කිසියම් විට අලුතින් නමක් ඇතුළත් කිරීමට හෝ තිබෙන නමක් ඉවත් කිරීමට කෝ ඇත්නම් ඒ සඳහා එම පෝරමයේ ම ඉඩක් ඒ තබා තිබෙන බවද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

නව ක්‍රමවේදයට අනුව 2023 චන්ද හිමි නාමලේඛන සම්පූර්ණ කර ගැනීම සඳහා ග්‍රාම නිලධාරීන් මේ දිනවල ගෙන්ගෙට යාම ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේය.


සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version