මුල් පිටුව උණුසුම් පුවත් ජුලි මාසයේදී විදුලි බිල අඩුකරන හැටි

ජුලි මාසයේදී විදුලි බිල අඩුකරන හැටි

0

ජුලි මස 01 දා සිට විදුලිබිල අඩුකරන මිල ගණන් පිළිබඳ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව ස්ථාවර ගාස්තුව රු 400ක සිට රුපියල් 250 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත. එහිදී ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා අවම වශයෙන් 23% කින් විදුලි ගාස්තුව අඩු වෙයි. එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඒකක 0-30 කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩු කෙරේ. එම කාණ්ඩයේ ඒකකයක නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත.

ඒකක 31-60 කාණ්ඩය තුළ විදුලිය පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත වැටේ.

ඒකක 0-30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිත ය.

හෝටල් කාණ්ඩය සඳහා 29% -40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බව ද අමාත්‍යවරයා කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version