දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාවහන් සහ පාසල් බෑග්වල මිල 15%න් පහළ දැමීමට තීරණය කර තිබේ.
ලබන 15 වැනිදා සිට එම තීරණය ක්‍රියාත්මක වන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඩොලරය අවප්‍රමාණයවීමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ බෑග් සහ සපත්තු මිල ද පහළ යා යුතු බවට ලැබුණු ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇත.