එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක් අද දිනයේ එළිදැක්වීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු එම පක්ෂය එළිදැක්වීමේ උත්සවය අද පස්වරු 03 ට මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
තම පක්ෂය වටා එකතුවන ලෙසට තරුණ පරපුරට හා ජනතාවට ආරාධනා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.