තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ 'මිරකල් ඩෝම්' ගැන හෙළිවූ දේ..

    දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ‘මිරකල් ඩෝම්’ ගැන හෙළිවූ දේ..

    මෙරට ක්‍රියාත්මක සියලුම ආගමික මධ්‍යස්ථාන හා ආගමික ආයතන ලියාපදිංචි කිරීම සඳහා වන නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    ඉදිරි දෙසතිය තුළ එම කැබිනට් පත්‍රිකාව ගෙන එන බව අමාත්‍යවරයා කියයි.

    මෙරට ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන බව අමාත්‍යවරයා කීය.

    එහෙත් විවිධ පුද්ගලයන් විසින් ව්‍යාජ ආගමික මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බැවින් අදාළ තීරණය ගන්නා බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා සඳහන් කළේය.

    දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දේව මෙහෙයන් පැවැත්වූ ‘මිරකල් ඩෝම්’ නම් ස්ථානය ද එවැන්නක් බවට අණාවරණය වී තිබේ.

    අමාත්‍යවරයා පැවසුවේ අදාළ ආගමික ස්ථානය ලියාපදිංචි කර නොමැති බවට ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් තමන් දැනුවත් කර තිබෙන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img