තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස්පතිගේ නීති නොතකා සීසර්ලා තාමත් වාහන උස්සයි

    පොලිස්පතිගේ නීති නොතකා සීසර්ලා තාමත් වාහන උස්සයි

    කල්බදු සමාගම්වලට ගනුදෙනුකරුවන්ගේ වාහන බලහත්කාරයෙන් අත්පත් කරගත නොහැකි බවට පොලිස්පතිවරයා නව නීතියක් පනවා තිබියදීත් සීසර්වරුන් පොලිසියේම සහායෙන් වාහන අත්පත් කර ගනිමින් සිටින බවට ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කරයි.

    ඉතා මෑතකදී රටපුරා පොලිස් ස්ථාන පනහකට අධික සංඛ්‍යාවක් පොලිස්පතිවරයාගේ නව නීතිය සහ 2000 කල්බදු මූල්‍යකරණ පනත උල්ලංඝනය කරමින් වාහන පැහැර ගෙන ඇතැයිද ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා කීය.

    පොලිස්පතිවරයා නව නීතිය පැන වූ පසුව මාස කීපයක් තුළ වාහන පැහැරගත් සීසර්වරුන් අත්අඩංගුවට ගත් නමුත් මෑතක සිට පොලිසිය සීසර්වරුන් අත්අඩංගුවට නොගෙන නඩු පැවරීමක් පමණක් කරන බවද අසංක රුවන් පොතුපිටිය මහතා කීය.

    නඩු වාර කිහිපයක් ගතවන විට කල්බදු සමාගම් පැහැර ගත් වාහනය විකුණා හෝ වෙන්දේසි කර හමාර වන බවද එමගින් පහණ හිමිකරුවන් ඉතා අසරණ වන බවද ඔහු සඳහන් කළේය.

    ඇතැම් පොලිස් ස්ථානවලින් සිදුවන මෙම අකටයුත්ත පිළිබඳ තම සංගමය පොලිස්පතිවරයාට පවා පැමිණිලි කර ඇතැයි ද සතුටු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img