අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග රාජකාරි කළ ගුරුවරුන්ට විභාග දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 250ක දිග මුදලක් ගෙවීමට ඇතැයි වාර්තා වේ.
මෙම හිඟ මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීම සහ විභාග රාජකාරි කිරීම තවදුරටත් ගැටලු සහගත වන බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කීය.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම්වල නිරතවන ගුරුවරුන්ට රුපියල් පන්දහසේ අත්තිකාරම් මුදල නොගෙවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන 13ක ගුරුවරු අද පෙරවරුවේ පැය කීපයක් ඇගයීම් කටයුතු කටයුතුවලින් වැළකී සිටියහ.
පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කරන අවස්ථාවේ ම රුපියල් 5000ක් අත්තිකාරම් මුදලක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පොරොන්දු වී ඇතත් අද පස්වරු වූ අතර එම මුදල ලබා දීමට අපොහොසත් වී තිබූ බවද වාර්තා වේ.