මේ වනවිට ආයුර්වේද වෛද්‍යවරුන් 25කට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති වෛද්‍ය පී. හේවාගමගේ පැවසුවේ සිය වෛද්‍යවරුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරීන්ගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියද ඒ සඳහා මෙතෙක් අවස්ථාවක් නොලැබුණු බවයි.
ආයුර්වේද රෝහල්වල පරිපාලනයේ ද මේවනවිට ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කීය.