Home උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් නිසා වූ හානිය අලුතින් ගණනය අරඹයි

එක්ස්ප්‍රස් පර්ල් නිසා වූ හානිය අලුතින් ගණනය අරඹයි

එක්ස්ප්‍රස් පර්ල් නිසා වූ හානිය අලුතින් ගණනය අරඹයි

මෙරට මුහුදු සීමාවේදී  ඉකුත් 2021 වසරේදී ගිනිගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස්  පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා සඳහන් කළේ, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බවයි.

මේ වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවෙන් මෙරටට සිදුවු හානිය ගණනය කිරිම, ආරම්භ කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළා.

එක්ස්ප්‍රස් පර්ල්  නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු සීමාවට සිදුවු හානිය මෙතෙක් ගණනය කර ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා පමණයි.

නව ගනණය කිරීම්වලින් පසුව දැනට හානි පූර්ණ වන්දිය ලෙස තක්සේරු කර ඇති ඩොලර් බිලියන 6 දශම 5කට ආසන්න මුදල තවදුරටත් ඉහළ යා හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here