Home උණුසුම් පුවත් ජනරජ දිනය දා පාඨලීගෙන් අලුත් පෙරමුණක්

ජනරජ දිනය දා පාඨලීගෙන් අලුත් පෙරමුණක්

ජනරජ දිනය දා පාඨලීගෙන් අලුත් පෙරමුණක්

43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ‘එක්සත් ජනරජ පෙරමුණ’ නැමැති නව දේශපාලන පක්ෂය බිහිකිරීමේ සමාරම්භ උළෙල ජනරජ දිනය යෙදෙන ලබන 22 වැනිදා මහරගම, ජාතික තරුණසේවා සභාවේදී පැවැත්වේ.

එදින ශ්‍රී ලංකාව බ්‍ර්තාන්‍යය යටත් විජිතයෙන් සම්පූර්ණ නිදහස ලැබූ දිනය ද වේ.

‘රටට ඔබින දිශානතිය’ යන තේමාව යටතේ ⁣නව පක්ෂය ආරම්භ කෙරෙන අතර එහි ලකුණ වන්නේ පැන්සල ය.

ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අදාළ යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here