Home උණුසුම් පුවත් මත්පැන් මිල අඩුවෙන ලකුණු

මත්පැන් මිල අඩුවෙන ලකුණු

මත්පැන් මිල අඩුවෙන ලකුණු

ඉදිරි මාස දෙකක කාලය තුළ මත්පැන් සහ බීර අඩුකිරීමට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම අමාත්‍යාංශය සඳහන් කළේ මත්පැන් මිල අධිකවීම තුළ ජනතාව නීතිවිරෝධී මත්පැන් භාවිතයට යොමු වීමෙන් සෞඛ්‍ය ප්‍රශ්න රැසක් ද පැන නැගී ඇති බවය.

ඒ හේතුවෙන් ඖෂධ සඳහා යන වියදම ද ඉහළ ගොස් ඇති බව පැවසේ.

එබැවින් මත්පැන් සහ බීර මිල අඩු කිරීම සඳහා නිරීක්ෂණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශ්ව වෙත දැනුම්දී තිබේ.

කෙසේ වෙතත් නිෂ්පාදකයින් පෙන්වා දෙන්නෙ නිෂ්පාදන බදු අඩු කිරීමට හැකියාව පවතින්නේ නම් මත්පැන් සහ බීර මිල අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

මත්පැන් සහ බීර මිල අලෙවිය මේ වනවිට ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් සුරා බදු ආදායමට ද ඉන් යම් බලපෑමක් එල්ලවී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිෂ්පාදන බදු අඩු කිරීමට පවතින හැකියාව පිළිබඳ නිරීක්ෂණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here