Home උණුසුම් පුවත් සරසවි ආචාර්යවරු සේවය හැරයති – 450ක හිඟයක්

සරසවි ආචාර්යවරු සේවය හැරයති – 450ක හිඟයක්

සරසවි ආචාර්යවරු සේවය හැරයති – 450ක හිඟයක්
Concept of design horizontal banner flat vector.

කැලණිය, පේරාදෙණිය හා රජරට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 450 කට ආසන්න හිඟයක් ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දෙයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සේවය හැර යාමත් සමග එම ගැටලුව උද්ගතව ඇති බවයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ ලබන 18 වැනි දා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

එහිදී ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here