මුල් පිටුව උණුසුම් පුවත් රාජ්‍ය සේවයට ඇඟිලි සලකුණ තියන චක්‍රලේඛය යළි ක්‍රියාත්මකයි

රාජ්‍ය සේවයට ඇඟිලි සලකුණ තියන චක්‍රලේඛය යළි ක්‍රියාත්මකයි

0
Close up shot of female hand touching fingerprint recognition scanner and access control for enter security system open door on wall in a factory warehouse building

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා ලබන (15) දා සිට, පැමිණීම හා පිටවීමේදී ඇඟිලි සලකුණ තැබීමට අදාළව පැවති චක්‍රලේඛ යළි ක්‍රියාත්මක කරන බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා දන්වා තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මේ බව දැනුම් දී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version