තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත් 3ක ආණ්ඩුකාරවරුන් ඉවතට - කරන්නාගොඩත් ඒ අතර!

    පළාත් 3ක ආණ්ඩුකාරවරුන් ඉවතට – කරන්නාගොඩත් ඒ අතර!

    පළාත් 3ක ආණ්ඩුකාරවරුන් ඉවත් කර, ඒ වෙනුවට අලුතින් ආණ්ඩුකාරවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    උතුර, නැගෙනහිර සහ වයඹ යන පළාත් තුනේ ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඒ වෙනුවට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසුව ලබන සතියේ සිදු කරනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

    ඒ අනුව උතුරු පළාතේ ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ ආණ්ඩුකාර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන්ට එම ධුර අහිමි වනු ඇතැයිද වාර්තා වේ.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට දින කිහිපයකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් වරයෙකු පවසා ඇත්තේ ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බව ය.

    මේ අතර නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඉකුත්දා පාර්ලිමේන්තු සංකීර්ණයේ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා හමුවේ ආණ්ඩුකාරවරිය දැඩි දෝෂ දර්ශනයට ලක්කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img