Home උණුසුම් පුවත් උ.පෙළ උත්තර පත්‍ර බැලීම ගැන සරසවි ආචාර්යවරුන් අතර මතගැටුමක්

උ.පෙළ උත්තර පත්‍ර බැලීම ගැන සරසවි ආචාර්යවරුන් අතර මතගැටුමක්

උ.පෙළ උත්තර පත්‍ර බැලීම ගැන සරසවි ආචාර්යවරුන් අතර මතගැටුමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හෝ වෙනත් කොන්දේසි පනවා තවදුරටත් පිළිතුරු පත්‍ර ඇගයීම පමා කළ නොහැකි බවත් ඒ නිසා පිළිතුරු පත්‍ර බැලීමට එක්විය යුතු බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසකගේ මතය වී තිබේ.

ආණ්ඩුවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සහ දෙමව්පියන් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ විරෝධය එල්ලවෙමින් තිබෙන හෙයින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ට තවත් පමා නොකර එක්විය යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

මේ අතර ආණ්ඩුව පනවා ඇති උපයන විට බදු ගෙවීමට සහනයක් ලබා දෙන තුරු පිළිතුරු පත්‍ර ඇගයීමට එක් නොවීමට තවත් ආචාර්යවරුන් පිරිසක් දැඩි ලෙස තීන්දුවක් ගෙන තිබෙන බවද පැවසේ.

මේ මත දෙකම දරන පිරිස අතර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකයන් සිටින බවද වාර්තා වේ.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය වී. එම්. එච්. බන්නැහැක මහතාගෙන් කළ විමසුමකදී සඳහන් කළේ ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර ඇගයීමට තීන්දු කර තිබෙන නමුත් ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දෙන තුරු එය පමා වෙන බව ය.

ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වූ නමුත් අද(02) පස්වරුව වන තෙක් එවැන්නක් නොලැබුන බවද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here