මුල් පිටුව උණුසුම් පුවත් අධිවේගයේ කම්බි සොරාගන්න ගිහින් වෙඩි කා අටක් රෝහලේ

අධිවේගයේ කම්බි සොරාගන්න ගිහින් වෙඩි කා අටක් රෝහලේ

0

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කොළඹ වරාය පරිශ්‍රය හරහා වරාය නගරයේ වෙත ගමන් කරන කොටසේ ඉදිකිරීම් සඳහා රැගෙන විත් තිබෙන කම්බි තොගයක් සොරා ගැනීමට සූදානම් වු පිරිසකට එම භාණ්ඩ තොගය භාරව සිටි පෞද්ගලික ආරක්ෂක අංශයේ සාමාජිකයන් විසින් කළ වෙඩි තැබීමකින් අට දෙනෙක් තුවාල ලබා අද රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් සිව් දෙනෙක් සිටින බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

වරාය පරිශ්‍රයට ඇතුළු වූ මෙම පිරිස යකඩ සොරා ගනිමින් සිටියදී ආරක්ෂක අංශ සාමාජිකයන්ට හසුවී ඇති බවත් එහිදී ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයන් සමඟ ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

තුවාල ලැබූ මෙම පුද්ගලයින් බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version