තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රස්ත විරෝධී පනතට අදහස් - යෝජනා ඉල්ලයි

    ත්‍රස්ත විරෝධී පනතට අදහස් – යෝජනා ඉල්ලයි

    ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ලබාගැනීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.

    දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු ඕනෑම් පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    මැයි මස 30 වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදෙන අතර සිය යෝජනා අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ හැකි වේ.

    එම යෝජනා සියල්ල සැලකිල්ලට ගනිමින් නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරි කටයුතු තීරණය කරන අතර ඊට පෙර සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

    සියලුදෙනාට පිළිගත හැකි ආකාරයට නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    රජය විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ අතර ඊට ඇතැම් පාර්ශවවල විරෝධතා එල්ල වුණි.

    ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගනු ලැබීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img