මුල් පිටුව උණුසුම් පුවත් දෙවැනි හදවත් බද්ධයට ලක්වූ විශේෂඥ වෛද්‍යවරිය මියයයි

දෙවැනි හදවත් බද්ධයට ලක්වූ විශේෂඥ වෛද්‍යවරිය මියයයි

0

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු හෘද උරස් ශල්‍ය වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස කොළඹ ජාතික රෝහලේ දී පසුගිය මාර්තු 23වැනිදා සිදුකළ මෙරට දෙවැනි හදවත් බද්ධ කිරීමේ සැත්කමට ලක්වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය මියගිය බව රෝහල් ආරංචි මාර්ග අද(29) තහවුරු කළේය.

මෙම සැත්කමට පෙර නිවුස් වේව් මිට අදාළ හෙළිදරව්වක් කරමින් මෙරට පළමු හදවත් බද්ධ කිරිමේ සැත්කම සාර්ථකව ඉටු කළ හෘදය හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ සේවය මෙම සැත්කමට ලබා නොගැනීම පෙන්වා දී තිබිණි.

සිය කැමැත්තෙන් දෙවැනි සැත්කම සඳහා සිය සේවය ලබා දීමට අනිල් අබේවික්‍රම මහතා කැමැත්ත පළ කර තිබුණ ද කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම එය ප්‍රතික්ෂේප කර තිබෙන බව එකල වාර්තාවෙන් නිවුස් වේව් පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා අනිල් අබේවික්‍රම මහතාගේ මැදිහත්වීම අනුමත කර තිබුණද කොළඹ ජාතික රෝහලේ අදාළ විශේෂඥ වෛද්‍යවරුන් ඊට අකමැති වී තිබිණි. එසේ වුවද අදාළ හෙළිදරව්වෙන් පසුව හෝ කිසියම් සෞඛ්‍ය බලධාරියෙකු ඊට මැදිහත් වූයේ නම් ඇතැම්විට මෙම ප්‍රතිඵලය වෙනස් විමට ඉඩ තිබිණි.

විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා මෙම සැත්කමට සම්බන්ධ කර නොගත් එම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ඉන්දියන් වෛද්‍යවරුන් සමග අදාළ සැත්කම කිරිමට කැමැත්ත පළ කර තිබිමත් විමතිය දනවයි. පළමු සැත්කම ගැන සඳහන් නොකර කොළඹ ජාතික රෝහලේ සිදු වූ මෙම සැත්කම පළමු හදවත් හා පෙනහළු බද්ධ කිරීමේ සැත්කම ලෙස ප්‍රචාරයක් ද ලබා දි තිබිණි.

කෙසේ වෙතත් අදාළ ඉන්දියන් විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් මෙරට සුපිරි නවාතැන් පහසුකම් ද සළසමින් අදාළ සැත්කමට සහභාගී කර ගැනුන ද , රෝගියා මිය යන අවස්ථාව වනවිට ඔවුන් විදෙස්ගතව සිට ඇත.

ශ්‍රී ලංකාවේ පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කම 2017 ජුලි 07 වැනිදා හෘදය හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ නායකත්වය යටතේ මහනුවර රෝහලේ වෛද්‍ය හා හෙද හෙදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල කැපවීමෙන් සිදු කළ අතර එසේ හදවත් බද්ධ කිරීමට ලක්වූ රෝගියා මේ වනතෙක්ම නිරෝගීව ජීවත්වීම ජාතියේ වාසනාවකි.

සබැඳි පුවත්
පළමු හදවත් බද්ධය කළ විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමට දොරවසා ජාතික රෝහල ඉන්දීය වෛදවරුන්ට දොරඅරියි

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version