තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උ.පෙළ විෂයන් 12ක උත්තර පත්‍ර බලන පරීක්ෂකවරු ගන්න යළි අයදුම්පත් කැඳවයි

    උ.පෙළ විෂයන් 12ක උත්තර පත්‍ර බලන පරීක්ෂකවරු ගන්න යළි අයදුම්පත් කැඳවයි

    අ.පො.ස උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව මෙම අයදුම්පත් කැඳවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව මෙතෙක් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා අයදුම් නොකළ ගුරුවරුන්ට මෙන්ම 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද අද (27) සිට මැයි මස 02 වැනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතියි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img