Home උණුසුම් පුවත් අලුත් භූ තල මායිමක් නිසා ලංකාවට භූ කම්පන ඇතිවීමේ ඉඩක්

අලුත් භූ තල මායිමක් නිසා ලංකාවට භූ කම්පන ඇතිවීමේ ඉඩක්

අලුත් භූ තල මායිමක් නිසා ලංකාවට භූ කම්පන ඇතිවීමේ ඉඩක්

ලංකාවට කිලෝ මීටර් 900ත් 1000ත් අතර දුරකින් නව භූතල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්. එම්. ජේ. ඒ. අජිත් ප්‍රේමා මහතා පවසයි.

එම අවදානම නිසා දැන් ලංකාවට භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බව අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියාසිටියේ ය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙහිදි සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 09 ක් වාර්තා වී ඇති බවයි.

මාස 04 ක් වැනි කාලයක් තුළ මෙවැනි භු චලන 09 මෙරටින් වාර්තා වූයේ පළමු වරට බව එම කාර්යාංශය සඳහන් කළේ ය.

ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here