Home උණුසුම් පුවත් බිත්තර ආවට සහතිකේ පරක්කුයි

බිත්තර ආවට සහතිකේ පරක්කුයි

බිත්තර ආවට සහතිකේ පරක්කුයි

ආනයනික බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වන සහතික ලබාදීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රමාද කිරීම, ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, මේ හේතුවෙන් සැලසුම් කල පරිදි බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙසේද කීය. “මේ වෙනකොට අපි අසීරුතාවයකට පත්වෙලා තියෙනවා බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්. මොකද 19 වනදා ලංකාවට ආපු බිත්තර නැවේ සාම්පල අපි භාරදීලා තියෙනවා. එහි සාම්පල වාර්තාව අපි බලාපොරාත්තු වුණා සඳුදා දිනයේ ලැබෙයි කියලා. නමුත් අපි සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් හොයලා බලද්දි ඔවුන් අපිට කියා සිටියා එම වාර්තාවන් අපිට ලබාදීමට හැකියාව ලැබෙන්නේ සිකුරාදා දිනයේ බව.

මේ අනුව අපට හැඟී ගිහින් තියෙනවා උපරිම වශයෙන් දින 10ක පමණ කාලයක් මොවුන් මේ සඳහා ලබාගන්නා බව. මේ එක්ක අපි දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්.”

ඉදිරියේදී තවත් මිලියන 05කට ආසන්න ප්‍රමාණයක් බිත්තර ආනයනය කිරීම සඳහා ඇනවුම් ලබා දී ඇති බවද ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here