Home උණුසුම් පුවත් උ.පෙළ උත්තර පත්‍ර බැලීමේ සියලු කටයුතු මේ සතියේ ඇරඹෙයි

උ.පෙළ උත්තර පත්‍ර බැලීමේ සියලු කටයුතු මේ සතියේ ඇරඹෙයි

උ.පෙළ උත්තර පත්‍ර බැලීමේ සියලු කටයුතු මේ සතියේ ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2022 විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව, නර්තනය, පෙරදිග සංගීතය සහ බටහිර සංගීතය ආදී විෂයයන්ට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු ආරම්භ කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

එම විෂයන්ට අදාළ පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීමක් හෙට පෙරවරුවේ පවත්වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ඇගයීම සියලු කටයුතු මේ සතිය අවසානය වන විට ආරම්භ කළ හැකි වනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

උසස් පෙළ 2022 විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව, කර්නාටක සංගීත, බටහිර සංගීතය, නාට්‍ය හා රංග කලාව යන විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here