තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තේ වතු කම්කරුවන්ට වැටුප තුන්ගුණයකින් වැඩිවෙන යෝජනාවක්

    තේ වතු කම්කරුවන්ට වැටුප තුන්ගුණයකින් වැඩිවෙන යෝජනාවක්

    තේ වතුවල සේවය කරන කම්කරුවන්ට වාසිදායක නව වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව තේ වතුවල තේ දලු නෙලන කම්කරුවන්ට ඔවුන් නෙලන දලු ප්‍රමාණය අනුව දෛනික වැටුප් ගෙවීම හෙවත් ඵලදායිතාව මත පදනම් වූ වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම දෙපාර්ශ්වයටම වාසිදායක බවද ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    මේ වන විට ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෙකු දිනකට තේ දළු කිලෝ 40ක් නෙළන අතර ඔවුන්ට ඒ සඳහා දිනකට රුපියල් 1000ක මුදලක් ලැබේ.

    නියමිත ප්‍රමාණයට වඩා දළු නෙලන කම්කරුවන්ට ඔවුන් නෙලන දළු ප්‍රමාණය මත වැඩිපුර මුදල් ගෙවීමට නව වැටුප් ක්‍රමයෙන් හැකිවන බවද එවිට තේ දලු නෙලනන්නෙකුට දිනකට රුපියල් 3000 ඉක්මවූ වැටුපක් ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ සහය සහ වතු කම්කරුවන්ගේ වෘත්තිය සමිතිවල සහාය අපේක්ෂා කරන බව ද එය වෙනත් රටවල මේ වන විට ක්‍රියාත්මක කරන නව ක්‍රමයක් බව ද ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img