Home උණුසුම් පුවත් දැඩි රස්නෙ නිසා මානසික රෝග – අපරාධ ඉහළයාමේ අවදානමක්

දැඩි රස්නෙ නිසා මානසික රෝග – අපරාධ ඉහළයාමේ අවදානමක්

දැඩි රස්නෙ නිසා මානසික රෝග – අපරාධ ඉහළයාමේ අවදානමක්

මේ දිනවල පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝවෛද්‍ය රූබි රූබන් මහතා පවසයි.

මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බව විශේෂඥ මනෝවෛද්‍යවරයා කියාසිටී.

එමගින් මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවද පෙන්වා දෙන විශේෂඥ මනෝ වෛද්‍ය රූබි රූබන් මහතා පවසන්නේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවය.

මේ අතර මානසික රෝගවලට බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් ඒ නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූබි රූබන් මහතා පවසයි.

එසේම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවිය හැකි බවත් එමගින් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවිය හැකි බවත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here