Home උණුසුම් පුවත් පෙරළිකාර සිනමාකරුවා සමුගනියි

පෙරළිකාර සිනමාකරුවා සමුගනියි

පෙරළිකාර සිනමාකරුවා සමුගනියි

මෙරට සිනමාවට ආන්දෝලනාත්මක චිත්‍රපට රාශියක් නිර්මාණය කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) දින අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු සිනමා අධ්‍යක්ෂකවරයකු, තිරකතා රචකයකු, නිෂ්පාදකයකු මෙන්ම ගීත රචකයකු ලෙසද සිංහල සිනමාවට සුවිශේෂි මෙහෙවරක් කළ අයෙකි.

ඊට අමතරව ඔහු ඉංග්‍රීසි නවකතාකරුවකු ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි. ඔහු විසින් ඉංග්‍රීසි බසින් රචනා කරන ලද බුද්ධි නවකතාව 2012 වසරේදී හොඳම ඉංග්‍රීසි භාසිත යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගනු ලැබීය.

බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 – 3 – 4, දඩබිම, අපි බය නෑ,සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගර්ල් ෆ්‍රෙන්ඩ්,ගිනිගත් හෝරාව, දඩබිම, බලකාමය, ධර්ම පුත්‍ර,අලි පැංචා මගේ මිතුරා,සුර සුන්දර වරද,මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබීම විශේෂත්වයක්.

අභහවප්ප්‍රාප්ත ලුවී වැන්ඩස්ට්‍රාටන් මහත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here