අධික උෂ්ණත්වය සහිත කාලගුණය හේතුවෙන් ජනතාවගේ දෛනික ජල පරිභෝජනය 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්. යූ. කේ. රණතුංග පැවසුවේ ජනතාව හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් ජලය භාවිතා කළ යුතු බවයි.
ආයතනයක් ලෙස මෙම තත්ත්වය ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය කලමණාකරණය කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම මඟින් දීර්ඝකාලීනව ගැටලුවකින් තොරව ජලය ලබා දිය හැකි බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් කීය.