Home උණුසුම් පුවත් මැයි මාසෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් නෑ

මැයි මාසෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් නෑ

මැයි මාසෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් නෑ

දැනට ක්‍රියාත්මක අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව මැයි මසින් පසු අහෝසි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ මැයි මස 31 වැනි දිනට පෙර අර්ධ සුඛෝපභෝගී බස් රථ සාමාන්‍ය බස් රථ බවට පරිවර්තනය කරගන්නා ලෙස හිමිකරුවන්ට දැනුම් දී ඇති බව ය.

මේ වනවිට මෙරට අර්ධ සුඛෝපභෝගී බස් රථ 430ක් පමණ ධාවනයේ යොදවා තිබේ.

මෙයට පෙරද මෙම අර්ධ සාමාන්‍ය බස් රථ බවට පරිවර්තනය කරන බව පැවසුවද එය ක්‍රියාත්මක නොවිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here